ඇලෙක්සි නවල්නි ජර්මනියට රැගෙන යයි

Share

විෂ ශරීරගත වී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ, රුසියානු රජය විවේචනය කළ විපක්ෂ ක්‍රියාධරයෙක් වු ඇලෙක්සි නවල්නි සර්බියාවේ සිට ජර්මනිය වෙත රැගෙන ගොස් තිබේ.

 

මීට දින දෙකකට පෙර රුසියාවේ විපක්ෂ දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන ඇලෙක්සි නවල්නි රුසියාවේ සිට බෙලරූස් දක්වා ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටියදී ඔහුගේ උදෑසන තේ පානයට වස එක්කර තිබූ බවට සැක පළ කර තිබුණි.

ඒ හේතුවෙන් සිහිසුන් වූ නවල්නි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකිරීම සඳහා ගුවන් යානය සර්බියාවට හදිසියේ ගොඩබෑමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හදිසි ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු නැවතත් ජර්මනිය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යාමට කටයුතු කර තිබේ.

44 හැවිරිදි ඇලෙක්සි නවල්නි, රුසියානු ජනාධිපති පුටින්ව දැඩිලෙස විවේචනය කළ අයෙකි.

පසුගිය ජූනි මාසයේ ප්‍රකාශයක් කළ ඇලෙක්සි නවල්නි රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය විග්‍රහ කර තිබුණේ කුමන්ත්‍රණයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙසිනි.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මගින් ජනාධිපති පුටින්ට තවත් වාර දෙකක් ජනාධිපති පදවියේ සිටීමට දොරටු විවර වුණි.

ඇලෙක්සි සිය නම ගොඩනගා ගත්තේ රුසියානු ආණ්ඩුවේ නිලධාරීන්ගේ දූෂණ අනාවරණය කරමිනි.

ඔහුට කිහිප වරක් සිරගත වීමට ද සිදුවුණි.

2018 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ඔහු උත්සාහ ගත් නමුත් එය වළක්වනු ලැබුවේ ඇලෙක්සි කලින් වංචා චෝදනාවන්ට වරදකරුවෙකු වී ඇතැයි පවසමිනි.

එහෙත් ඔහු කියාසිටියේ එය දේශපාලන කරුණු මත සිදුකරන ලද බාධා කිරීමක් බවය.

Read more

Local News