මෙරට 12 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.

 

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් එසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අදාළ කාන්තාව මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Exit mobile version