පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙදින වැඩමුළුවක්

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.

 

අද පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලු මන්ත්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා ආරාධනා කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මෙහිදි පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳව මෙහිදි මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Exit mobile version