අපරාධ ගැන ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

රටේ ව්‍යාප්තව තිබූ සංවිධානාත්මක අපරාධ රැල්ල මේවන විට විශාල වශයෙන් මැඬ පවත්වා ඇති බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එම අමාත්‍යංශයේ වැඩ බාරගනිමින් සඳහන් කළේය.

 

ඒ මහතා සදහන් කලේ මේ රටේ විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබුණ සංවිධානාත්මක අපරාධ රැල්ල මෙන්ම මත්ද්‍රව්‍ය රැල්ල, කප්පම් ගැනිල්ල සහ පාතාල සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම්, විශාල වශයෙන් වැරදි මාර්ගයකට යොමු වෙමින් තිබු බවත්, අද සමාජය හරි මාර්ගයකට යොමුකරගන්න හැකි වී ඇති බවත්, අපි විශාල සාර්ථකත්වයක් මේ දක්වා ලබා ගෙන ඇති බවත්ය.

එමෙන්ම අපි ඉදිරියටත් එලෙස සාර්ථකත්වය ලබාගෙන, අපේ රටේ ජනතාවට සහ අනාගත පරම්පරාවට සාමයෙන් සතුටින් කරදරයක් නැතිව ගෞරවාන්විතව ජීවත් වීමට පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න සැදී පැහැදී බවත්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version