ඔයාටත් ගොඩක් තරහා එනවද ?

Share

කේන්තිය, වෛරය, කෝපය නම්න් හදුන්වන මේ හැගිම අපේ හිතේ හටගන්න අවේගශිලී සිතුවිල්ලක්. පාලනය කරගන්න අමාරුම හැගීමක්. තරහ ගිය වෙලාවට කරන දේවල් අපිවත් දන්නෙ නෑ. තරහ ඉවර වෙද්දි තමන් තරහෙන් කරපු දේවල්, කියපු දේවල් ගැන පසු තැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට ඉතුරු වෙන්නෙ නෑ.

 

ඒ වගේම බොහොමයක් මිනී මැරුම් ආදියට හේතු වෙලා තියෙන්නෙ ක්ෂණික කෝපය කියල හෙලිවෙලා තියෙනවා. මේ තරහව පාලනය කරන්නෙ කොහොමද..? මනෝවිද්‍යාඥයන් මේ තරහ පාලනය කරන්න පුලුවන් පියවර කීපයක් අපිට හඳුන්වා දෙනවා. අපි ඒවා එකින් එක බලමු.

ඉවත් වීම – වැදගත්ම දේ තමයි අපි මුලින්ම තරහ අඳුනගන්න ඕන. යකා අඳුනගන්නැතුව තොවිලෙ නටන්නෙ කොහොමද?  ඒ හින්දා මේ හඳුනාගැනීම ඉතා වැදගත් තරහව පාලනයට. ඔබ කාත් එක්ක හරි වාදයක පැටලිලා ඉන්නවනම් ඔබට තරහ එද්දි ඔබට තේරෙනවා. එතකොට ඔබ වහාම ඒ වාදය නවත්වලා එතනින් ඉවත් වෙන්න.

ඔබට යම් තොරතුරක් ලැබිලා ඒ හින්දා නම් තරහක් ඇති වුණේ ඒ ගැනම හිත හිත ඉන්නැතුව ඒ මාතෘකාව හිතෙන් අයින් කරන්න ක්‍රමයක් හොයාගන්න. වැදගත්ම දේ තමයි මේ තමන්ට තරහ ගියා කියලා තමන්‍ට නොතේරෙන එක.

ගණනය කරන්න – තරහ ගියාම පොඩි කාලෙ ඉඳල අපිට කරන්න කියන දෙයක් තමයි 1 ඉඳල 10 ටත් ආයිත් පිටිපස්සටත් ගණන් කරන්න කියන එක. මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. ඇත්තටම මේකෙන් කරන්නෙ අපි ඒ තරහ මානසිකත්වයෙන් මුදවන එක. ඔබ කාර්‍යබහුල කෙනෙක් නෙමෙයිනම් 1 ඉඳන් 100 ටම ගණන් කරන්න. ඒ ක්‍රමය ඔබ තරහෙන් ගොඩක් දුරට ඈත් කරාවි.

කලාවට ලං වෙන්න – හැඟීම් ප්‍රකාශනයේදී සහ පාලනයේදී හොඳම ඖෂධයක් තමයි කලාව කියන්නෙ. “ගෑණු ළමයා තරහ වුණාම පිහියෙන් අනින්නැතුව පෑනෙන් ලියන්න” කියල කතාවක් තියෙනවා නේ. විරහවත් එක්ක එන තරහ, ආවේග ආදිය පාලනය කරන්න ඔබේ කලා හැකියාව ඔබට පිටුවහලක් වේවි ගොඩක් දුරට. කවි ලියන්න පුලුවන්නම් කවි ලියන්න. චිත්‍ර අඳින්න පුලුවන්නම් චිත්‍ර අඳින්න. ඔබට කලා හැකියාවක් නැත්නම් කලාව විඳින්න උත්සාහ කරන්න. කැමතිම චිත්‍රපටයක් බලන්න. කැමතිම සින්දුවක් අහන්න. ඉබේම ඔබේ ආවේගය දුරු වෙලා යාවි.

තීරණ ගන්න එපා – ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම දෙයක් තමයි මේ තීරණය. ඔබට කාගෙන් හරි යම් වැරැද්දක් වුණාද එමගින් ඔබට තරහ ආවද එවෙලෙනම් තීරණ ගන්න යන්න එපා. මොකද තරහ ආවම ඉන්නෙ අපි නොවෙන නිසා. හරියට බීමත් කෙනෙක් වගේ. කරන්නෙ මොකක්ද, අනාගත ප්‍රතිඵල මොනවද කියල කිසි හැඟීමක් නැති තීරණ තමයි එවෙලෙට අපි ගන්නෙ. තරහ පාලනය කරගෙන තීරණයක් ගන්න. අනිවාර්‍යයෙන්ම ඒ තීරණය තමයි හොඳම, හරිම තීරණය වෙන්නෙ.

පාලනය කරන්නම බැරිනම් – සාමාන්‍යයෙන් මිනිහෙක්ට තරහව කියන ආවේගය පාලනය කරන්න පුලුවන්නේ. පාලනය කරන්න බෑ කියල දැනෙනවනම් ඔබ ඉක්මණට උපදේශකයෙක් ලඟට යොමු වෙන්න. චිත්ත වේග පාලනය කරන්න ඔහු හෝ ඇය ඔබට උපදෙස් දේවි.

මේ විදිහට ඔබේ ඕනම ආවේගයක් පාලනය කරන්න හරිම පහසුයි. ඉතිං තරහව ආදිය පාලනය කරගෙන ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්න ඔබට පුළුවන් මේ ක්‍රම අත්හදා බලන්න. ඔබට අනිවාර්‍යයෙන්ම විසඳුමක් ලැබේවි.

Read more

Local News