Home දේශීය පුවත් පර්පචුවෙල් සමාගමට අයත් අායතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම දීර්ඝ කරයි

පර්පචුවෙල් සමාගමට අයත් අායතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම දීර්ඝ කරයි

0
පර්පචුවෙල් සමාගමට අයත් අායතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම දීර්ඝ කරයි

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කර අැත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඊයේ (01) දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලූ කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසිනි.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලුත් කිරීමේ හැකියාව පවතී. මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායම වැළැක්වීම පිණිසය.

ඒ අනුව අනාගතයේදී, උක්ත සමාගම විසින් සාපරාධී ලෙස මුදල් උපයා ඇත්නම් එම මුදල් රජයට නැවත අයකර ගැනීමේ සහ රාජසන්තක කරගැනීමේ ක්‍රියාමාර්ග නිෂ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්ෂා වී පවතිනු ඇත.

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමේ ක්‍රියාමාර්ගවල මෙන්ම මෙම සාපරාධි ක්‍රියාවට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙම නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here