වෙඩික්කරුවෙකු වූ ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට

Share

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයන්ගේ වෙඩික්කරුවෙකු වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් “ඉන්ද්‍රා” පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

 

අත්අඩංගුවේ පසු වූ ඔහු ඉන් මිදී පලායාමට උත්සහ කිරිමේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා හෙරොයින් ද සමග නවගමුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read more

Local News