තවත් කොරෝනා ආසාදිතයින් 8ක් සුවය ලබයි

Share

අද (31) දිනයේ දී මෙරට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2868ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(30) දිනයේ දී නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3012ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ආසාදිතයින් 132 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

Read more

Local News