පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය.
එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.