අකුණු සැර වැදී කාන්තාවක් ජිවිතක්ෂයට

Share

මින්නේරිය ජයන්තිපුර ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

 

එම ප්‍රදේශයේ කුඹුරක අස්වනු නෙළමින් සිටි අඹුසැමි යුවළකට එලෙස අකුණු සැර වැදී ඇති බව පොලීසිය පැවසීය.

අකුණු සැර වැදීමෙන් තුවාල ලැබු අඹුසැමි යුවළ රෝහලට ඇතුළත් කිරීමේ දී කාන්තාව මියගොස් තිබේ.

තුවාල ලැබු පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Read more

Local News