නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (01) කල්පිටිය, ආනවාසල වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 775 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙවැනි හක් බෙල්ලන් තබා ගැනීම විකිණීම සහ ප්‍රවාහනය 1996 අංක දෙක දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සපුරා තහනම් කර ඇති අතර, එම හක්බෙල්ලන් තොගය මිල කළ නොහැකි වටිනාකමකින් යුක්ත වේ.
එහිදී ඩිංගි යාත්‍රාවක් සහ කිලෝග්‍රෑම් 10 ක පමණ බරකින් යුත් තහනම් දැලක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා, හක්බෙල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමට කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.