සිරුරේ බර අඩුකරගන්න පුළුවන් ආහාර වර්ග

Share

සැහැල්ලු වගේම නීරෝගී සිරුරක් පවත්වාගෙන යන්න අපි හැමෝම කැමතියි. ඒත් අපිට එදිනෙදා කැවෙන්නේම පිට් සහිත ආහාර වර්ග. ඉතින් ඔබ ඔබේ බර අඩු කර ගන්න මහන්සි වෙනවානම්, පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් හැකිතාක් වැළකි සිට්ය යුතුමයි.

 

විශේෂයෙන් පිට් සහිත ආහාර අඩුවෙන් ලබා ගන්නා තරමට තරබාරු වීමෙන් වැළකී ඉන්න පුළුවන්. ම්ට අමතරව ඔබට අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැළඳීමේ අවදානමත් අඩු වෙනවා. ඉතින් අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔබේ බර අඩු කර ගැනීමට උදව් වෙන ආහාර වර්ග කීපයක් ගැන……

බිත්තර – බිත්තර කියන්නේ පිෂ්ඨය අඩු, ප්‍රෝටීන් අඩංගු ආහාරයක්. උදේ ආහාරය සඳහා බිත්තර හොඳින් ගැලපෙනවා. බිත්තර ආහාරයට ලබා ගැනීමෙන් ඔබට බඩගිනි ඇති කරන හෝමෝනය පහල වැටෙනවා. මේ නිසා ඔබේ අනෙකුත් ආහාර ගැනීමේ ප්‍රමාණයත් අඩු වෙනවා.

මුහුදු ආහාර – මුහුදු ආහාර වල පිෂ්ඨය අඩංගු වන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනුයි. සිරුරේ බර අඩු කර ගැනීමට උපකාරී වෙනවාට අමතරව හදවතේ, සංධි වල සහ මොලයේ සෞඛ්‍ය මට්ටම ඉහල දැමීමටත් මුහුදු ආහාර උපකාරී වෙනවා.

පිපිඤ්ඤා – පිපිඤ්ඤා වල අඩංගු කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය 4%ක් වගෙයි. මෙය සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණයක්. නමුත් මෙහි අඩංගු ජල ප්‍රමාණය 95%ක් ගන්නවා. නිතර ජලය පානය කිරීමට අවස්ථාවක් නොලැබෙන අයෙකුට මෙය ඉතා හොඳ ආහාරයක්. මෙය කැලරි ඉතා අඩු අගයක් ගන්නා ආහාරයකි.

මස් – කුකුළු මස්, හරක් මස් හා එළු මස් ඇතුළු සියලුම මස් වර්ග වල අඩංගු කාබොහයිඩේ‍්‍රට් ප්‍රමාණය ඉතා අඩුයි. කුකුළු මස් වැඩිපුර ආහාරයට ගනිමින් අනෙකුත් ආහාර වර්ග සීමා කළ විට ඔබේ සිරුරේ බර වේගයෙන් අඩු කර ගත හැකියි.

ඩාර්ක් චොකලට් – සීනි නොයෙදූ ඩාර්ක් චොකලට් තරබාරු බවින් මිදීමට සිහින දකින්නෙකුට ඉතා සුදුසුයි. මෙයට හේතුව වන්නේ මෙහි අඩංගු කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය අවම වීමයි. මීට අමතරව හදවත් රෝග සහ අධි රුධිර පීඩනය මඟ හරවන්න ඩාර්ක් චොකලට් වලට මනා හැකියාවක් තිබෙනවා.

යෝගට් – යෝගට් වල කාබෝයිහඩේ‍්‍රට් අඩංගු වන්නේ 5%ක් පමණයි. යෝගට් උදැසන ආහාරයට ඉතා සුදුසුයි. යෝගට් වල කාබෝයිහඩේ‍්‍රට් අඩු වුවත්, ප්‍රෝටීන් සහ විටමින් බහුලව අඩංගු වෙනවා.

හතු වර්ග – හතු වල කාබෝයිහඩේ‍්‍රට් අඩංගු වන්නේ 2%ක් පමණයි. අනෙකුත් එළවලු වලට සාපේක්ෂව හතු වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය ඉහළයි.

එළවලු – කැරට්, අර්තාපල් වැනි එළවලු වර්ග කිහිපයක් හැරෙන්නට අනෙකුත් එළවලු වල අඩංගු වන කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය ඉතා අඩුයි.

පැණි කොමඩු හා ස්ට්‍රෝබෙරි – මේ පලතුරු වල අඩංගු කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය ඉතා අඩුයි.

අලිගැටපේර – අලිගැටපේර ගෙඩියක කාබෝයිහඩේ‍්‍රට් ග්‍රෑම් 20කට වඩා අඩංගු වන්නේ නැහැ. මෙය මේදය, තන්තු සහ පොටසියම් අඩංගු ගුණාත්මක ආහාරයකි.

ලූණු – ලූණු කෝප්පයක අඩංගු වන කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය ග්‍රෑම් 11ක් පමණ වන අතර, ලූණු ග්‍රෑම් 100ක අඩංගු වන කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය ග්‍රෑම් 9ක් පමණ වේ. මෙය තන්තු බහුල ආහාරයකි.

වර්ජින් ඔලිව් ඔයිල් – මෙහි අඩංගු කාබෝයිහඩේ‍්‍රට් ප්‍රමාණය 0%කි. තරබාරු බව අඩු කිරීම සඳහා මෙන්ම, හදවතේ සෞඛ්‍යමය තත්වය වැඩි කර ගැනීමටත් වර්ජින් ඔලිව් ඔයිල් උපකාරී වෙනවා.

කෝපි – කෝපි වල කාබෝයිහඩේ‍්‍රට් අඩංගු වන්නේ නැහැ. සීනි නොයෙදූ කෝපි භාවිතා කිරීමෙන් දියවැඩියා රෝගය සහ ඇල්මයිසර් රෝගය වැළඳීමේ අවදානම අඩු කර ගන්නත් පුළුවන්.

තේ – තේ වලත්  කාබෝයිහඩේ‍්‍රට් අඩංගු වන්නේ නැහැ. මීට අමතරව තේ වල මේදය දහනය කිරීමේ මනා හැකියාවකුත් තිබෙනවා.

ඉතින් මෙන්න මේ වගේ ආහාර රටාවකින් පුළුවන් ඔබටත් ඔබගේ බර ප්‍රමාණය අඩු කරගෙන සුවැති දිවියක් හිම්කරගන්න.

Read more

Local News