කොරෝනා ආසාදනය වූ “ද රොක්”

Share

ඩ්වේන් “ද රොක්” ජොන්සන් මෙතෙක් ලොව වැඩිපුරම මුදල් අය කරන හොලිවුඩ් නළුවා වන අතර ඔහු පසුගිය දා සදහන් කළේ ඔහු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනාට ම කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි.

 

ජොන්සන්ට හා, ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාට ළඟ ම මිතුරෙක් මගින් වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා හඳුනා ගෙන තිබේ.

“අපිට දැන් හොඳට ම හොඳයි.” 48-හැවිරිදි ජොන්සන් පැවසීය.

ඔවුන් සිව් දෙනාට මීට සති 2 1/2 පමණ පෙර වෛරසය ආසාදනය වන්නට ඇතැයි අනුමාන කෙරේ.

හිටපු මල්ලව පොර ශූරයෙක් වන ජොන්සන් ජුනි මාසයෙන් නිමවූ වර්ෂයක කාලය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 87.5ක් උපයා තිබේ.

Read more

Local News