Home දේශීය පුවත් දේශීය කර්මාන්ත ආරක්ෂා වන අයුරින් විදේශීය ආයෝජනයන් සිදු කළ යුතුයි – ජනපති

දේශීය කර්මාන්ත ආරක්ෂා වන අයුරින් විදේශීය ආයෝජනයන් සිදු කළ යුතුයි – ජනපති

0
දේශීය කර්මාන්ත ආරක්ෂා වන අයුරින් විදේශීය ආයෝජනයන් සිදු කළ යුතුයි – ජනපති

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා “පාවහන් සහ සම්භාණ්ඩ ප‍්‍රදර්ශනය – 2018” ඊයේ (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී විවෘත කිරීමට එක්විය. එහිදි ජනපති පැවසුවේ,

රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් එම රට තුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයකට ලක්කිරීම සහ එම සම්පත් උපයෝගීකරගත් ආයෝජන සිදුකිරීම ඉතා වැදගත් බවයි.

විදේශීය ආයෝජන රටට අවශ්‍යයි සේම ඒ සියල්ල ලබාගත යුත්තේ අපගේ දේශීය කර්මාන්ත ආරක්ෂා වන අයුරින් බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා යම් විදේශීය ආයෝජනයක් තුළින් දේශීය කර්මාන්තවලට බලපෑමක් එල්ලවන්නේ නම් සහ එම කර්මාන්ත දුර්වල කරන්නේ නම් තමන් ඊට ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ මෙරට දේශීය කර්මාන්ත සඳහා ලබාදී ඇති ප‍්‍රමුඛතාවය පිළිබඳ කිසිසේත් සතුටුවිය නොහැකි බව මෙහිදී පැවසූ ජනධිපතිතුමා අපගේ අපනයන වෙළෙඳපොළ තුළ ද පසුගිය වසර 15ක 20ක කාලය තුළ සතුටුවිය හැකි තත්ත්වයක් නිර්මාණය නොවූයේ එබැවින් බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තය ජාතික හා අන්තර්ජාතික වශයෙන් ප‍්‍රචලිත කිරීමේ සහ අපනයන හැකියාවන් ඇති නිර්මාණශීලී දක්ෂ නිපැයුම්කරුවන් හඳුනාගනිමින් ඔවුන් අපනයනය කරා යොමු කිරීමේ අරමුණින් පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය, කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම ප‍්‍රදර්ශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

10 වෙනි වරටත් සංවිධානය කළ මෙවර ප‍්‍රදර්ශනය සඳහා දිවයිනේ සියලුම ප‍්‍රමුඛ පෙළේ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් සහභාගී වී සිටින අතර, ප‍්‍රදර්ශන කුටි 230 කින් සමන්විත මෙවර ප‍්‍රදර්ශනයේදී නවීන විලාසිතාවලට සරිලන පරිදි නිෂ්පාදනය කරන ලද අපනයන තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ ජනතාවට පහසු මිලට ලබාගැනීමට අවස්ථාව සළසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here