කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර ඇත.

 

හෙට(06) පෙරවරු 6.00 සිට අනිද්දා(07) පෙරවරු 9.00 දක්වා කාලය තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයෙන් දන්වා තිබේ.

එමෙන්ම එම කාලය තුළදී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සඳහන් කාලය තුළදී අනතුරුදායක වන අතර නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව වැඩිදුරටත් දන්වා ඇත.

Exit mobile version