නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩලීමට දායක වූ සියල්ලන්ට ජනපතිගේ ස්තූතිය

Share

නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න මැඩලීම සඳහා තම ජීවිත අවධානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය හදපිරි ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරයි.

එමෙන්ම සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කරගැනීමෙහිලා ඔවුන් සිදු කරන මෙම මෙහෙවර තමන් අගය කරන බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටී.

Read more

Local News