සරසවි සිසුවියක් පැහැර ගැනීමට තැත්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මෝටර් රථයකින් සරසවි සිසුවියක් පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කැලණිය විශ්වවිද්‍යාලය අසල දී එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් පැහැරගැනීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පැවසීය.

එහිදි ප්‍රදේශවාසීන් විසින් එක් පුද්ගලයෙකු අල්ලා පොලීසියට භාර දී ඇති අතර අනෙක් සැකකරු පළාගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද(07) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News