අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් හිස ඔසවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ප්‍රාන්ත 50 න් 22 ක නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
මීට සති තුනකට පෙර අමෙරිකාවෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබුණේ හවායි , ඉලිනොයී සහ දකුණු ඩකෝටා යන ප්‍රාන්තවල පමණක් වුවත් මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු දිග ප්‍රදේශවලින් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබේ.
ශීත කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ශීත කාලගුණය එළැඹීමට පෙර කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ යුතු බව අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහූ පෙන්වා දෙයි