කල්පිටියේ දී රත්‍රං තොගයක් අල්ලයි

Share

විදෙස් රටකට යැවීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු රත්‍රං කිලෝ ග්‍රෑම් 10ක් පමණ පුත්තලම විශේෂ කාර්ය බලකා විසින් සොයා ගෙන තිබේ.

 

අද(08) උදෑසන කල්පිටිය පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ පාලන්තුඩාව හංදියේ, තලවිල පල්ලයට හැරෙන ස්ථානයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

එම රත්‍රං තොගය පාර්සල් 08ක අසුරා තිබු බව වාර්තා වේ.

කළු පැහැති වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක ඉතා සුක්ෂම ලෙස ආසනය යට සඟවා තිබු රත්‍රං තොගය සොයා ගෙන තිබේ.

එහිදී වයස අවුරුදු 34ක් වු පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News