වැළලී ගිය මායන් ශිෂ්ටාචාරයේ නගර පද්ධතියක නටබුන් 60,000ක් හමුවේ

Share

මායන් ශිෂ්ඨාචාරය ගැන පෙර තිබූ මතය වෙනස් වීමකට ලක්වන සොයාගැනීමක් පසුගියදා ග්වාතමාලාවේ සිදු වූ බව වාර්තා වේ. මෙම සොයා ගැනීමට දායක වූ නිරීක්ෂකයින් පවසන අන්දමට වසර දහස් ගණනක් පැරණි පෞරාණික මාර්ග පද්ධති සහ වාරිමාර්ග පද්ධති වලින් සමන්විත ඉතා සංකීර්ණ නගර පද්ධතියක සොයාගැනීම් මේ අතර තිබී ඇත.

අති නවීන LiDar නමැති තාක්ෂණය උපයෝගී කරගෙන සිදුකළ මෙම පරීක්ෂණයෙන් අනතුරුව ඝණ කැළෑවකින් වැසී ගිය හෙක්ටයාර 1300 ප්‍රදේශයකට යට වී තිබෙන මෙම නගර සැලැස්ම අති විශ්මයජනක බව ඔවුන් පවසනවා.

මෙම සොයා ගැනීමට ප්‍රථම ඉතිහාසඥයින් නිගමනය කළ අන්දමට වඩා අතිමහත් දියුණු ජනාවාස ක්‍රමයක් වසර 1200 කට කලින් තිබී ඇති බව මෙහිදී පෙනී යන අතර මෙම සොයාගැනීම කළ නිරීක්ෂකයින් පවසන්නේ පෙර නිගමනය කළ ලෙස මෙම ජනාවාස තුළ මිලියන 5ක ජනතාවක් විසූ බව සිතුවත් මෙම සොයාගැනීමෙන් අනතුරුව එය මිලියන දහයක් පහළොහත් අතර විය හැකි බවයි ඔවුන් පවසන්නේ.

PACUNAM පදනම විසින් සිදුකරන මෙම ගවේෂණය LiDAR තාක්ෂණය යොදාගෙන කෙරෙන විශාලතම ගවේෂණය බවයි වාර්තා වන්නේ ඔවුන් පවසන අන්දමට මෙම මුළු ගවේෂණයට අවුරුදු තුනක් ගත විය හැකි බවත් එමගින් ගෝතමාලාවේ වර්ග කිලෝමීටර දාහතර දහසක් ගවේෂණයට ලක් වන බව වාර්තා වේ.

මෙම පරීක්ෂණයේ තවත් පැතිකඩක් වන්නේ මෙම විශාල ජනාවාස පාලනය කළා යැයි සැලකෙන නාග ගෝත්‍රික නායකයින් ගැන වැඩිදුර තොරතුරු සොයා ගැනීමයි පෙර සොයාගත් සාක්ෂිවලට අනුව මෙම නාග ගෝත්‍රයට අයත් රජවරු මෙක්සිකෝවේ සිට ගෝතමාලාව දක්වා තම බලය පතුරුවා සිටි බව වාර්තා වුවත් ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගැනීමට මේ වන විට හැකියාව ලැබී නොමැති බව වාර්තා වනවා.

Read more

Local News