අද අලුයම 12.45ට පමණ කොළඹ පිටකොටුවේ පිහිටි බතික් රෙදි වෙළඳසැලක ගින්නක් අැති වී තිබේ. මේ වන විට ගින්න මැඩපැවත්වා තිබේ.
ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර සිදු වූ අලාභය පිලිබඳ මෙතෙක් තක්සේරු කර නැත.
ගින්න ඇතිවීමට ද හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.