අවි ආයුධ තොඟයක් සමග තිදෙනෙක් දික්වැල්ලෙන් අල්ලයි

Share

අවි ආයුධ තොඟයක් සමග පුද්ගලයින් තිදෙනෙකු දික්වැල්ල, බෝදරකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, දික්වැල්ල පොලිස් ස්ථානයේ නිලදාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ පිස්තෝල අවියක්, ගල්කටස් වර්ගයේ පිස්තෝල අවියක්, බෝර 12 උණ්ඩ 27ක්, නීති විරෝධි පිහියක් සහ කඩුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අද(10) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News