තවත් කොවිඩ් ආසාදිතයින් 14ක් සුවය ලබයි

Share

අද (11) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස්ගත ව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ(10) ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩි නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගියේය.

නේවාසිකව ප්‍රතිකාර ලබන සමස්ථ ආසාදිතයින් ගණන 174කි.

Read more

Local News