ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනයට

පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

 

කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ වලට අනුකූලව ඔහු කල්මුණේ සිට ගාල්ල දක්වා රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සියත අපකළ විමසීමක දී සඳහන් කළේ.