භාණ්ඩ බෙදන ඩ්‍රෝන යානා

ලබන මස ටෙස්කෝ සමාගම විසින් ඩ්‍රෝන යානා භාවිතයෙන් භාණ්ඩ බෙදාහැරීම සඳහා අත්හදාබැලීම් කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අන්තර්ජාලය ඔස්සේ කළ ඇනවුමක් පැය භාගයක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයා වෙත ලබාදීම මෙම ක්‍රියාවලියේ අරමුණයි.

අයර්ලන්තයේ ගැල්වේ කලාපයේ පිහිටි ටෙස්කෝ ගබඩාවක සිට කුඩා භාණ්ඩ මලු එසේ අවශ්‍ය පාරිභෝගිකයින් වෙත ඩ්‍රෝන යානා භාවිතයෙන් යැවීමට කටයුතු කෙරේ.

ඩ්‍රෝන යානා භාවිතයෙන් ඖෂධ, අවශ්‍ය ස්ථාන කරා යැවීම සම්බන්ධයෙන් අත්හදාබැලීම්, අයර්ලන්තයේ මේ වනවිට සිදුකෙරේ.

පැයට කිලෝමීටර් 80ක් පමණ උපරිම වේගයෙන් යා හැකි එම ඩ්‍රෝන යානයකට කිලෝ 4ක් පමණ බරැති භාණ්ඩ රැගෙන යා හැකි අතර කිලෝමීටර් 5ක් පමණ දුරක් යෑමට එයට ගතවන්නේ විනාඩි 5ක් වැනි කාලයකි.

Exit mobile version