Home දේශීය පුවත් පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිමට මුල්ගල තබයි

පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිමට මුල්ගල තබයි

0
පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිමට මුල්ගල තබයි

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී පසුගියදා සිදු කරන ලදි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කර්මාන්ත ශාලාව රුපියල් බිලියන 1.4 ක ආයෝජනයකි. ඉන්දියාවේ “ස්පෑල්” සමාගම සහ “සෑන්ස් ඇක්ටිව්” පෞද්ගලික සමාගම ඒකාබද්ධව මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු ලබයි. කලුතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 500 කට මෙමගින් රැකියා අවස්ථා උදාවෙයි. මෙහි ගිවිසුම් අත්සන් කිරීම ද සිදු කෙරිණි.

පිළිකා ඖෂධයක අවම මිල රුපියල් 150,000 ක් පමණ වන නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා සමාගම් 40 ක් ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here