මෙරට 13 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Share

පසුගිය 2 වැනිදා බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(14) මියගොස් තිබේ.

 

ඔහුව පසුගිය 9 වන දා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එම පුද්ගලයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඔහු නාවිකයෙකු වශයෙන් සේවය කළ අයෙකි.

මෙම මරණයට ආසන්තම හේතුව වශයෙන් දැක්වෙන්නේ හෘදයාබාධයකි.

මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Read more

Local News