රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර තිබේ.

 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙතින් අද(14) අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය.

Read more

Local News