ශිවාජිලිංගම් අධිකරණය හමුවට

Share

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිදුකළ සැමරුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා අද(16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මියගිය එල්.ටි.ටී.ඊ සාමාජිකයකු වන තිලීපන් යන අයගේ ගුණ සැමරුම තහනම් කරමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබු තහනම් නියෝගය උල්ලංඝනය කරමින් කෝපායි පොලිස් වසමේ අන්තන්කෛයි වත්ත ප්‍රදේශයේ දී මෙම “තිලීපන් ගුණ සැමරුම“ පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ශිවාජිලිංගම් මහතා සමග තවත් පුද්ගලයෙක් ඊයේ(15) දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News