නිරිත දිග මෝසම සක්‍රීයයි – වැසි හා සුළං තත්ත්වය තවදුරටත්

Share

දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් පවතින වැසි හා සුළං තත්ත්වය අද(19) දිනයේ දීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි හා ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75ට වඩා වැඩි තද වැසි ලැබිය හැකිය.

උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා ‌දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News