තරුණයෙක් දුම්රියට බිලිවෙයි

යාපනය සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ ගැටී අද(21) උදෑසන කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේදී තරුණයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.

 

මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක් වූ යෝගේන්ද්‍රන් අජන්තන් නමැති තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මියගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇත.

Exit mobile version