අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ජපාන විශේෂ නියෝජිත පිරිසක් පසුගිය දා අරලියගහ මන්දිරයේදී හමුවිය.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ නියෝජිත, ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පොදු කවුන්සිලයේ සභාපති, වටාරු ටකෙෂිටා, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික යොයිචි අනාමි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිරිතදිග හා නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරෝෂි ඉෂිකාවා යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.