මැදපෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ අඛණ්ඩ සහාය

Share

මැදපෙරදිග කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව කටයුතු කරන බව චීන අගමැති ලී ච්‍යං පවසයි.
ශංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල රාජ්‍ය නායකයින්ගේ කවුන්සිලයේ 25 වැනි රැස්වීමට සමගාමීව ඊයේ(19) ඉරාන පළමු උප ජනාධිපති Mohammad-Reza Aref හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
චීන ජනාධිපති ෂී ජින්පිං ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා හා මුලපිරුම්වල මූලික අරමුණු අනුව චීනය මැදපෙරදිග කලාපයේ සාමය ප්‍රවර්ධනය කිරීමට සහ සංවාදය දිරිගැන්වීමට සෑම උත්සාහයක්ම දරමින් සිටින බව ලී ච්‍යං පැවසීය.
මෙම වසර ආරම්භයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කලාපයේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපතිවරයා යෝජනා හතරක් ඉදිරිපත් කර ඇති බවය. එමෙන්ම කලාපීය පොදු ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ද සිව් වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා කලාපීය රටවල මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ ද පුළුල් ප්‍රසාදයට ලක්ව ඇති බව ලී ච්‍යං වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර චීනය සමග පවතින සබඳතාවලට ඉරානය විශේෂ වැදගත්තකමක් ලබා දෙන බව Mohammad-Reza පැවසීය. දෙරට අතර සියලු මට්ටම්වල සමීප හුවමාරු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉරානය සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

Read more

Local News