මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පළාත් පාලන අායතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශිය නිරීක්ෂකයන් 10 දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බවයි.
මේ අනුව ඉන්දියාවෙන් නිරීක්ෂකයන් හතර දෙනෙක්, කොරියාවෙන්, මාලදිවයිනෙන් හා ඉන්දුනීසියාවෙන් නිරීක්ෂකයන් දෙදෙනා බැගින් කැඳවීමට නියමිතයි.
මෙම පිරිස් ඡන්ද විමසීම් සිදුවන ලබන 10 වැනිදා නිරීක්ෂණ කටයුතුවල යෙදවීමට සැලසුම් කර තිබේ.