බංග්ලාදේශ සමඟ චිතගොංහිදී පසුගියදා නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක රැස්කරමින් දැක්වූ දස්කම් හේතුවෙන් යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට සමත්ව සිටියි.
ඒ අනුව පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර 35 වැනි ස්ථානයේ පසුවූ කුසල් මෙන්ඩිස් ලකුණු 196ක් රැස්කරමින් දියත් කළ විශිෂ්ට ඉනිම මත ස්ථාන 12ක් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානය අත්කරගෙන සිටී.
තම ටෙස්ට් තරග දිවියේ ඉහළම ඉනිම දියත් කළ ධනංජය ද සිල්වා 46 වැනි ස්ථානයේ සිට 38 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 8ක් ඉහළට පැමිණෙමිනි.