සියලු බන්ධනාගාරවලට අමුත්තන්ගේ පැමිණීම අත්හිටුවයි

Share

සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.

 

ඊයේ(04) දිනයේ සිට මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම නවතා දමනු ලැබිණි.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමත් සමග ඊයේ (04) දහවල් සිට දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවිමට පියවර ගත් අතර කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු අද තහවුරු විය. මේ හේතුවෙන් බන්ධනාගාර තුළට ද අමුත්තන් බැලීම සඳහා පැමිණෙන පිරිස තාවකාලිකව නවතා දමා තිබේ.

Read more

Local News