දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම ද අද(07) සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ.

එසේ වුවද මහජනතාවට අවශ්‍යවන සියලුම බදු සේවා ලබාගැනීම සඳහා සියලුම සේවා මාර්ගගත ක්‍රමය (e – service) ඔස්සේ සපයාගත හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියලු විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය (www.ird.gov.lk) ඔස්සේ සහ 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැකි බවද දැනුම් දෙයි.

Exit mobile version