විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාමිකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

Share

පවතින කොවිඩ් නයින්ටීන් තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්‍ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙසය.

එබැවින් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයින් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම ඔක්තෝබර් 13 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කළ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Read more

Local News