ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී කුඩා දරුවෙක් මරුට

Share

හපුතලේ පොලිස් වසමේ වැල්ලවාය – බෙරගල මාර්ගයේ බෙරගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරළී තිබේ.

 

එම අනතුරින් රියදුරු, පිටුපස අසුනේ සිටි කාන්තාවක් සහ කුඩා දරුවෙක් බරපතළ තුවාල සහිතව හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී වයස අවුරුදු එක හමාරක් වයසැති කුඩා දරුවා මියගොස් තිබේ.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.

Read more

Local News