කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතර රෝහල් 10 ක් සූදානම්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර රෝහල් 10ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

 

දැනට රෝහල් 14 ක 2400 ඉක්මවූ ඇඳන් සංඛ්‍යාවක් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති බවත් ඊට අමතරව දැඩි සත්කාර ඒකකවල ඇඳන් 146ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති බවත් වෙෙද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හමු වූ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මේ දක්වා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර නොමැති බව වාර්තා වෙයි.

Exit mobile version