අද(15) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3380ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගිය බවයි.