සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ

ඔක්තෝබර් 31 වන දින තෙක් සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

දැනට පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

Exit mobile version