මේ වසරේ නොවැම්බර් මාසයේ සිය විවාහ මංගල්‍යය සැලසුම් කරමින් සිටි ජපානයේ මාකෝ කුමරිය එය 2020 වසර තෙක් කල් තැබීමට පියවර ගනිමින් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
උපදේශන සමාගමක සේවකයකු වෙන කෙයි කොමුරෝ සමඟ විවාහවීමට අපෙක්ෂිත කුමරිය විවාහය කල් තබනු ලබන්නේ ඊට සූදානම් වීමට ඇති කාලය මදිවීම නිසා බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
විසිහය හැවිරිදි ‘මාකෝ’ කුමරිය ජපානයේ ‘අකිහිතෝ’ අධිරාජයාගේ මිනිබිරියකි.