කොවිඩ් : පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල වසා දැමේ

Share

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46 දෙනෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

Read more

Local News