ඊයේ දිනයේ ඇඳිරිනීතිය පැනවු ප්‍රදේශ

ඊයේ රාත්‍රියේ සිට මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බලප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබිණි.

මේ අතර වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

කොවිඩ් -19 වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Exit mobile version