ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් කරනම් ශුරයින්ට එංගලන්තයේදී රන් පදක්කම් 3ක්!

Share

එංගලන්ත පැරෂුට් සංගමය (British Army Parachute Association) විසින් 18 වන වරටත් සංවිධානය කරන ලද සන්නද්ධ හමුදා පැරෂුට් කරනම් ශුරතාවලියේ දී (18th Armed Forces Parachute Championships in United Kingdom) ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් කරනම් ශුරයින් රන් පදක්කම් 3ක් දිනාගැනීමට සමත්ව ඇත.
එංගලන්ත හමුදාවේ Red Devils පැරෂුට් භට කණ්ඩායම ද, රාජකීය නාවික හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව ද, විදේශ කණ්ඩායම් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ Golden Knights සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරෂුට් කණ්ඩායම ද ඇතුළු ව තරගකරුවන් 300කට අධික පිරිසක් මෙයට සහභාගී වි ඇත.
ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයන් මෙහිදී විවෘත තරඟ කාණ්ඩයේ රන් පදක්කම, Wingsuit Artistic (2 Way) Rookie (beginner) Category ඛාණ්ඩයේ සහ 2 Way Rotation and Team Award (Canopy Formation) කණ්ඩායම් ශුරතාවයත් හිමිකර ගැනීමට සමත්විය.
කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 04 දෙනෙකු සමග 08 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායම සමන්විත වේ.

Read more

Local News