උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Share

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

 

උසස් පෙළ කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 5 වන දා සිට එම මස 31 වනදා දක්වා පැවැත්වුණු අතර විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටියේය.

Read more

Local News