බාහිර කැපුමකින් තොරව මුඛ මාර්ගයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිමකිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වී අැත.
මෙවැනි ආකාරයකට සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
කිසිම කැපුමකින් තොරව සැත්කම සිදුකිරීම හේතුවෙන් ශරීරයට කිසිදු බාහිර කැළලක් ඉතිරි නොවීම ද එහි විශේෂත්වයකි.