ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් සහ ඔසුසැල් අද විවෘතයි

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් පහක් ආශ්‍රිතව අද(29) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘතව පවතී.

 

ඒ අනුව සතොස, සමූපකාර, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව පවතිනු ඇති.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය අනුගමනය කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමය කරන ලෙසයි.

Exit mobile version