පොඩි ලැසීගේ සමීපතමයෙක් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන පොඩි ලැසී නැමැත්තාගේ සමීපතමයෙක් අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී අදාළ සැකකරු සන්තකයේ තිබී ගිනිඅවියක්, ජංගම දුරකථනයක් සහ මෝටර් රථයක බවට විශ්වාස කෙරෙන අංක තහඩු දෙකක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News